top of page
Search

ආසිවිසෝපම සූත්‍රය ... (පළමු කොටස)

  • Writer: Kalawane Sangamaji
    Kalawane Sangamaji
  • Aug 25, 2022
  • 2 min read

ආසිවිසෝපම සූත්‍රය........


රජුගේ කුමන්ත්‍රණය......


ලස්සනට ඉන්න කවුද අකමැති ජීවත් වෙන්න කවුද අකමැති. සැපට ඉන්න කවුද අකමති. මේ අයට කියනවා කාමභොගියො කියලා. ඉතින් මේ වාගේ කාමභොගී පුද්ගලයෙකුට දඬුවම් කරන්න එක්තරා රජ කෙනෙකුට ඕනෑ උනා. නමුත් වරදකාරයෙක් නෙවෙයි. රජවරු කියන්නෙ උපක්‍රමශීලී අයනේ. එකනිසා ඒ සඳහා හෙඳ උපක්‍රමයක් යෙදුවා.

මේ පුද්ගලයා ගෙනල්ලා ඔහුට බාරදෙනවා සර්පයින් හතර දෙනෙක්. මේ සර්පයින් පොෂනය කරන්න කියලා. හොදින් නාවන්න කවන්න පොවන්න නිදිකරවන්න බෙහෙත් ගල්වන්න කියලා. ඉතින් අර පුරුෂයා හරිම සතුටින් බාරගන්නවා. ගත්තු වෙලාවේ පටන් උන් ඇඟපුරාම එතෙනව. හරිම ලස්සනයි මොහුටත් හරි සතුටුයි. වෙලාවට කන්න දෙන්න ඕන එකෙක් කනවෙලාවට අනෙකා නිදියන්නයි කැමති. එකෙක් නිදියන්න කැමති වෙලාවට අනෙකා නාන්නයි කැමති. මෙහෙම විවිධාකාර අදහස් ඇති සර්පයෝ හතර දෙනෙක්. ඉතාම විෂ සහිතයි. එකෙක් කට්ඨ මුඛ කුලයේ. ඌ දෂ්ඨ කලවිට මරණය සිදුවෙන්නේ ඇග තදවෙලා අනෙකා පූතිමුඛ කුලයේ ඌ දෂ්ඨ කල විට මැරෙන්නේ සරීරය දියවෙලා. අනෙකා අග්ගිමුඛ කුලයේ දෂ්ඨ කලහම ඇග උණුසුම වැඩිවෙලා තමයි මැරෙන්නේ. අනෙකා දෂ්ඨ කලහම මැරෙන්නේ ඇග පුපුරලා ඌ අයිති වන්නේ සත්තමුඛ කියන කුලයට.

ඉතින් මෙහෙම ඉන්නකොට මේ සිද්දිය දැක්කා එක් මිත්‍රයෙක් කරුණාවන්ක කෙනෙක්. දුකට පත් වෙලා ඉන්න ඒ පුද්ගලයාගේ යහපතම කැමතිවන කෙනෙක්. නුවණින් යුතු කෙනෙක්.

මේ කෙනා කිවනවා අර පුරුෂයාට යහළුව ඔය සර්පයින් හරිම විෂ සහිතයි කියලා ඔබට දෂ්ඨ කලොත් මැරෙයි ඉතුරුවුනොත් මාරාන්තික වේදනා විදින්න වේවි කියලා. ඒක නිසා ඔය සර්පයින් අතහරින්න කියලා. මොහු ඒ කථාව විශ්වාස කලා. සර්පයින් ගසලා දැම්මා වේගයෙන් දුවන්න ගත්තා. සර්පයින් හතර දෙනාත් පස්සෙන් එලවන්න ගත්තා.

ඒ විතරක් නෙමෙයි රජුටත් මේ සිද්දිය ආරන්චි උනා.

රජතුමා දැන් වෙන උපායක් යෙදුවා. දැන් මොහු රාජකාරිය අතහල කෙනෙක් නිසා වදකයෝ පස්දෙනෙකුට කිවුවා ගිහින් අහුවෙච්ච තැන මරල දාන්න කියලා. ඉතින් මේ වදකයො පස්දෙනා අර පුරුෂයා පසුපස එලවනවා.

මේ බවත් අර කල්‍යාණ මිත්‍රයා දැන ගන්නවා

මිත්‍රය ඔබ පසුපසින් දැන් වදකයෝ පස් දෙනෙක් එනවා ඒ අය හමුවූ ගමන් ඔබව මරා දමාවි ඒක නිසා උනගෙනුත් බේරෙන්න. කියලා කියනවා. මේ කතාවත් පිළිගත් පුරුෂයා නැවත දුවන්න පටන් ගත්තා.

රජුත් දැන් වෙන උපායක් කල්පනා කලා. අර පුරුෂයාගේ කුඩාකල ඉදන් මිත්‍රයෙක් ගෙන්වාගෙන මුදල් දුන්නා ගිහින් අර පුද්ගලයා දැක්ක තැන හිස සිදල දාන්න කියලා අසිපතකුත් දුන්නා. ඔහුත් ඒකට එකඟ උනා. දැන් මිත්‍ර වදකයෙක් පස්සෙන් එනවා.

මේ කාරනාවත් දැනගත් අර කල්‍යාණ මිත්‍රයා කියනවා

මිත්‍රය දැන් එන්නේ මිතුරෙක් වගේ සතුරෙක්. මිත්‍ර වදකයෙක්. අහුවුන ගමන් හිස සිඳ දමාවි. මොහුගෙනුත් බේරෙන්න කියලා කියනවා.

අර පුරුෂයා නැවතත් දුවනවා. දැන් සර්පයෝ හතර දෙනෙක් පස්සෙන් එනවා. වදකයො පස්දෙනෙක් පස්සෙන් එනවා. මිත්‍ර වදකයෙක් එනවා.


ඉතින් මෙහෙම දුවගෙන යන මේ පුරුෂයාට හිස් ගමක් හම්බඋනා. ගමේ කිසිම ගෙදරක කවුරුවත්ම නෑ. කන්න බොන්න කිසිම දෙයක් නෑ. වලං මුට්ටි පවා හිස්. දැන් මේ පුරුෂයා හිස් ගමට වෙලා ගිමන් හරිනවා.

මේ වෙලාවෙ මේ ගමට එනවා ගම් පහරන හොරු වගයක්. මොවුන්ට හමුවන කවුරුවත් ඉතුරු කරන්නේ නෑ. නමුත් මොහු මේ කිසිම දෙයක් දන්නේ නෑ. මෙකත් දැනගත්තා අර ණුවැනති මිත්‍රයා. ඔහු අර පුරුෂයාට කියනවා යහළුව දැන් මේ ගම පහරන හොරු එනවා ඒ අයගෙන් බේරිලා මේ ගමෙන් ඉවත් වෙන්න. නැතිනම් ඔබේ ජීවිතය නැතිවේවි.

ඒ පුද්ගලයා මේ කතාව පිළිගෙන නැවත ගමත් අතහැරල දාල දුවන්න පටන් ගත්තා. දුවගෙන යනකොට විශාල ගංගාවක් හමුවුනා. භයානක සැඩපහරක් ශාගරය දක්වා ගමන් ගරන්නේ. එගොඩ නම් කිසිම භයක් නෑ. සර්පයින්ගෙන් වදකයින්ගෙන් මිත්‍රවදකයාගෙන් සොරුන්ගෙන් මේ කාගෙන්වත් පළිබොධයක් නෑ. හමුත් එගොඩ වෙන්න කිසිම පාලමක් නෑ. නැවක් බෝට්ටුවක් නෑ.

ඉතින් මේ අවස්ථාවේ ඒ පුරුෂයා උත්සාහය අතහැරියේ නෑ. වටේ පිටේ තියෙන ලී දඬු වැල් කෑලි අරගෙන පහුරක් හදාගෙන අතින් පයින් වීරිය අරගෙන අර ගංගාවේ සැඩ පහර තරණය කළා. එතෙරට ගිහිල්ලා නිර්භයව ජීවත්වුනා.


තථාගතයාණන් වහන්සේ දේශනා කරනවා ඔහුට තමයි ජලාශය තරණය කළ, එතෙරට ගිය, ගොඩබිම ඉන්න බ්‍රාහ්මණයා කියලා කියන්නේ කියලා

Comments


bottom of page