top of page
Search

ආරක්ෂක භාවනා හෙවත් සතරකමටහන් යනු කුමක්ද?.

  • Writer: Kalawane Sangamaji
    Kalawane Sangamaji
  • Aug 30, 2022
  • 1 min read

භාවනාවට අත්වැලක්.....

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

සතර කමටහන් වලට ආරක්ෂක භාවනා කියන්නේ මොකද.... .

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සතර කමටහන් යනු ...

බුදුගුණ භාවනාව....

මෛත්‍රී භාවනාව ...

පිළිකුල් භාවනාව....

මරණානුස්සති භාවනාව ....

මෙ හතර සෑම භාවනා දිනකම ආරම්භයක් වසයෙන්

කිරීමට බොහෝ දෙනා පුරුදු වී තිබෙනවා.

නමුත් ඔවුන් එහි අර්ථය දන්නේ නෑ....

සමහරු සිතාගෙන ඉන්නේ එම භාවනා කරන්නේ මාරයාගෙන් යක්ෂයින්ගෙන්පෙරෙතයින්ගෙන් බෙරෙන්න කියලා. ඒකයි ආරක්ෂක භාවනා කියන්නේ කියලා.

නමුත් ඒක එහෙම නෙවෙයි .

මෙයින් අපට කාරනා හතරකින් විශේෂයෙන් ආරක්ෂාව සැලසෙනවා

තමයි

බුදු ගුණ නිසා අපේ ඇතිවෙලා තියෙන අස්සද්දාවක් වේ නම් එය දුරු වෙනවා. තියනසද්ධාව දියුනු වෙනවා. සිතේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වෙනවා. මගින් සිත කය සැහැල්ලුවෙනවා. සැක සංකා දුරු වීම මෙයින් ලැබෙන ආරක්ෂාවයි.

මෛත්‍රීය නිසා සිතතුල ඇති ගැටීම ද්වේශය දුරුවෙලා සිත ශාන්ත වෙනවා. සිත කයසැහැල්ලු වෙලා. සිතේ බර ගතිය දුරු වෙනවා. විය්‍යාපාද නීවරණයෙන් ආරක්ෂාවක් ලැබීමමෙයින් ලැබෙන ආරක්ෂාවයි.

පිළිකුල නිසා රාගය දුරු වෙලා සිත නිමෙනවා . සිතේ ඇති දාහය දුරු වෙලා සිත කයසංසිදෙනවා. කාම අරමුණු වෙත සිත ඇදෙන ගතිය නැතිවෙලා තමන් කැමති කුසලඅරමුණක රැදීමේ හැකියාව ලැබෙනවා. කාමච්ඡන්දයෙන් ආරක්ෂාව ලැබෙනවා.

මරණ සතිය නිසා කුසීත බව දුරුවෙලා වීර්යය දියුනුවෙනවා. වහ වහා ධර්මාවබෝධයකිරීමේ අවශ්‍යතාව ඇති වෙනවා. හොදින් පර්යංකයේ ආදී ඉරියවු තුල රැදී සිටිමේ ශක්තියඅධිෂ්ඨානය ඇති වෙනවා. කුසීත බවින් ආරක්ෂාව මේ තුලින් ලැබෙනවා.

   

බොහො දෙනෙක් නොපෙනෙන බලවෙගයන්ගෙන් ආරක්ෂාවක් ලැබීමට කියා තමයි මෙමභාවනා බොහො කොට පුරුදු වන්නේ. නමුත් එය නොවේ ගැඹුරු වු අර්ථයක් මේ තුල ඇතිබව දැන් ඔබට වැටහෙනවා ඇති.

    කෙසේ නමුත් මේ ලෙස භාවනා කරනපින්වතුන් කෙරෙහි දෙවියන්ගේ පවා ආශිර්වාදයලැබෙනවා. අමනුෂ්‍යයින් පවා අවිරුද්ධ වන නිසා ආරක්ෂාවක්ද ලැබෙනවා.

දැන් ඔබට තේරෙනවා ඇති කුමකින්ද අපට ආරක්ෂාව ලැබෙන්නේ කියලා...

එහෙනම් මේ දේ දැනගෙන සතර කමටහන් වඩමු

තෙරුවන් සරණයි

භික්ඛු සංගාමජි....

Comments


bottom of page